වික්ටෝරියාහි පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය (Portable Long Service Benefits Scheme) මගින් ප්‍රජා සේවා, කොන්ත්‍රාත්තු පිරිසිදු කිරීමේ සහ ආරක්ෂණ කර්මාන්තවල සිටින සේවකයින්හට කර්මාන්තය තුළ සිය කාලය මත පදනම්ව - එක් සේවා යෝජකයකු සමඟ පමණක් නොවේ- දිගු සේවා නිවාඩු වර්ධනය කර ගැනීමට ඉඩ සැලසේ.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා අධිකාරිය (The Portable Long Service Authority) මෙම යෝජනාක්‍රමය පරිපාලනය කරයි.
දිගු සේවා නිවාඩුව යනු කුමක්ද?
එකම සේවා යෝජකයා වෙනුවෙන් දිගු කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ බොහෝ සේවකයින් දිගු සේවා නිවාඩුව (සාමාන්‍යයෙන් අඩු වශයෙන් අවුරුදු 7ක අඛණ්ඩ සේවා කාලයක්) සඳහා හිමිකම් ලබයි.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩුව (portable long service leave) යනු කුමක්ද?
වික්ටෝරියාහි පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය මගින් ප්‍රජා සේවා, කොන්ත්‍රාත්තු පිරිසිදු කිරීමේ සහ ආරක්ෂණ කර්මාන්තවල සිටින සුදුසුකම් ලබන සේවකයින්හට කර්මාන්තය තුළ සිය කාලය මත පදනම්ව දිගු සේවා ප්‍රතිලාභ ගොඩනඟා ගැනීමට ඉඩ සැලසේ.
තනි සේවා යෝජකයෙකු සමඟ පමණක් නොව, කර්මාන්තය තුළ ගත කළ සිය කාලය මත පදනම්ව දිගු සේවා ප්‍රතිලාභ ගොඩනඟා ගැනීමට සේවකයින්හට පුළුවන.
එය ‘පහසුවෙන් ගෙන යා හැකි’ වන්නේ ඔබ සේවා යෝජකයන් වෙනස් කළද එම කර්මාන්තය තුළදී ඒවා ඔබ සමඟ ඉදිරියට යන බැවිනි.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය ක්‍රියා කරන ආකාරය (How does portable long service leave work?) - සිංහල (Sinhalese)
ආවරණය කෙරෙන ප්‍රජා සේවා, කොන්ත්‍රාත්තුගත පිරිසිදු කිරීමේ සහ ආරක්ෂක සේවකයන් සඳහා යෝජනාක්‍රමය ක්‍රියා කරන ආකාරය ගැන සොයා ගන්න.
ආරම්භ කිරීම
- ඔබේ සේවක (opens in a new window)හැඳුනුම් අංකය(opens in a new window) - යෝජනාක්‍රමය සඳහා වන ඔබේ අද්විතීය හැඳුනුම් අංකය පිළිබඳ තොරතුරු.
- සේවක ද්වාරය වෙත ලියාපදිංචි වන ආකාරය(opens in a new window) (opens in a new window)- සේවක ප්‍රවේශ ද්වාරයෙන් හිමිකම් පෑම පිළිබඳ - පියවරෙන් පියවර මාර්ගෝපදේශය.
- සේවක ද්වාරය වෙත පිවිසෙන ආකාරය(opens in a new window) (opens in a new window)- එවිට ඔබට ඔබගේ දායක මුදල් පරීක්ෂා කර ඔබේ විස්තර යාවත්කාලීන කළ හැකිය.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම්පෑම පිළිබඳ තොරතුරු
ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා සඳහා හිමිකම්පෑම (Claiming your portable long service) - සිංහල (Sinhalese)
ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම් පාන ආකාරය පිළිබඳව දැන ගන්න.
ප්‍රජා සේවා සේවක හිමිකම් (Community services worker claim) - සිංහල (Sinhalese)
ප්‍රජා සේවා කර්මාන්තය තුළ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම්පෑම.
කොන්ත්‍රාත්තුගත පිරිසිදු කිරීමේ සේවක හිමිකම්පෑම (Contract cleaning worker claim) - සිංහල (Sinhalese)
කොන්ත්‍රාත්තුගත කර්මාන්තය තුළ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා සඳහා හිමිකම්පෑම.
ආරක්ෂක සේවක හිමිකම්පෑම (Security worker claim) - සිංහල (Sinhalese)
ආරක්ෂක කර්මාන්තය තුළ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා හිමිකම්පෑම.
අප හා සම්බන්ධ වන්න
1800 517 158(opens in a new window) ඔස්සේ අප අමතන්න නැතහොත් enquiries@plsa.vic.gov.au(opens in a new window) මගින් අප වෙත ඊමේල් කරන්න.
නොමිලේ භාෂණ පරිවර්තන සේවා
ඉංග්‍රීසි ඔබගේ මව් භාෂාව නොවේ නම්, නොමිලේ ලබා දෙන භාෂණ පරිවර්තන සේවාවක උපකාරයෙන් ඔබ සමඟ කතා කිරීමට අපගේ කාර්ය මණ්ඩලයට පුළුවන. ගාස්තු අය නොකරෙන 1800 517 158(opens in a new window) අංකය ඔස්සේ අප අමතන්න.
Information for workers - English
Information about portable long service in Victoria is available for people from culturally and linguistically diverse backgrounds.
Updated

