ඔබේ සේවක හඳුනා ගැනීමේ අංකය යනු පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය සඳහා වන ඔබට අනන්‍ය හඳුනා ගැනීමේ අංකය වේ.
ඔබ ඔබගේ රැකියාව මාරු කළහොත්, ඔබේ සේවක හඳුනා ගැනීමේ අංකය ඔබේ නව සේවා යෝජකයාට ලබා දීමට කටයුතු කටයුතු කළ විට ඔවුන් ඔබගේ ත්‍රෛමාසික ප්‍රතිලාභ ඇතුළත් කිරීම ආරම්භ කරනු ඇත.
සේවක ප්‍රවේශ ද්වාරය සඳහා ලියාපදිංචි කිරීමටද ඔබට සේවක හඳුනා ගැනීමේ අංකය අවශ්‍ය වනු ඇත. ඔබ ලියාපදිංචි වූ විට, ප්‍රවේශ ද්වාරය තුළට ලොග් වීමෙන් ඔබට ඔබේ සේවායෝජකයාගේ දායක මුදල්, යෝජනාක්‍රමය යටතේ වන වත්මන් උපචිත මුදල් ගැන කරුණු දැන ගැනීමට සහ ඔබේ සබඳතා තොරතුරු යාවත්කාලීන කිරීමට ඔබට හැකි වේ.
ඔබේ සේවක හැඳුනුම්පත සොයා ගන්නා ආකාරය
ඔබේ සේවා යෝජකයා ඔබව පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය සඳහා ලියාපදිංචි කළ විට, ඔබගේ සේවක හඳුනා ගැනීමේ අංකය සහිත ලිපියක් හෝ ඊමේල් පණිවිඩයක් ඔබට අප වෙතින් ලැබෙනු ඇත.
ඔබට ඔබේ සේවක හඳුනා ගැනීමේ අංකය ලැබී නොමැති නම් හෝ ඔබව ඒ සඳහා ලියාපදිංචි කර තිබේද යන්න ඔබ හරියටම නොදන්නේ නම්, ඔවුන් ඔබව ලියාපදිංචි කර තිබේද යන්න පරීක්ෂා කිරීමට ඔබේ සේවා යෝජකයා හා සම්බන්ධ වන්න.
සේවක හඳුනා ගැනීමේ අංකය නැති වීම
ඔබේ සේවා යෝජකයාට ඔබට ඔබේ සේවක හැඳුනුම්පත ලබා දීමට හැකි වනු ඇත.
ඔබට ඔබගේ සේවා යෝජකයා හා සම්බන්ධ වීමට නොහැකි නම්, ඔබට 1800 517 158 අංකය අමතා හෝ enquiries@plsa.vic.gov.au වෙත ඊමේල් පණිවිඩයක් එවීමෙන් ඔවුන් හා සම්බන්ධ විය හැකිය.
වැඩිදුර තොරතුරු
සේවක ප්‍රවේශ ද්වාරය වෙත පිවිසීම (Accessing the worker portal) - සිංහල (Sinhalese)
සේවක ප්‍රවේශ ද්වාරය ඔස්සේ ඔබේ තොරතුරු වෙත පිවිසෙන ආකාරය
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය ක්‍රියා කරන ආකාරය (How does portable long service leave work?) - සිංහල (Sinhalese)
ආවරණය කෙරෙන ප්‍රජා සේවා, කොන්ත්‍රාත්තුගත පිරිසිදු කිරීමේ සහ ආරක්ෂක සේවකයන් සඳහා යෝජනාක්‍රමය ක්‍රියා කරන ආකාරය ගැන සොයා ගන්න.
Your Worker ID
Your unique ID for the Portable Long Service Benefits Scheme.
Updated


