සේවක ප්‍රවේශ ද්වාරය වෙත පිවිසීම (Accessing the worker portal) - සිංහල (Sinhalese)

සේවක ප්‍රවේශ ද්වාරය ඔස්සේ ඔබේ තොරතුරු වෙත පිවිසෙන ආකාරය

සේවක ප්‍රවේශ ද්වාරය

ප්‍රවේශ ද්වාරය ඔස්සේ ඔබට ඔබගේ සේවා යෝජකයාගේ දායක මුදල්, යෝජනාක්‍රමය යටතේ වන වත්මන් උපචිත මුදල් ගැන සොයා බලා ඔබේ ලිපිනය සහ දුරකථන අංකය යාවත්කාලන කිරීමට පුළුවන.

සේවක ප්‍රවේශ ද්වාරය වෙත පිවිසෙන ආකාරය

ඔබ සේවක ප්‍රවේශ ද්වාරය වෙත දැනටමත් ලියාපදිංචි වී ඇත්නම්, ඔබට ඊමේල් ලිපිනය හෝ සේවක හැඳුනුම් අංකය භාවිතා කර ලොගින් විය හැකිය. ඇතුල් වන්න

ඔබේ තොරතුරු ආරක්ෂා කර ගැනීමට, සේවක ප්‍රවේශ ද්වාරය වෙත බහු-සාධක සත්‍යාපනයක් අප විසින් හඳුන්වා දී තිබේ. ඔබ ලොගින් වන සෑම අවස්ථාවකදීම ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමට ඔබේ දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය වෙත ආරක්ෂණ කේතයක් එවනු ලැබේ.

ඔබට ලොගින් වීමට බලය සහිත දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් අවශ්‍ය වනු ඇත. ඔබේ සබඳතා තොරතුරු යාවත්කාලීන කිරීමට හෝ එක් කිරීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර 1800 517 158 අංකය ඔස්සේ අප අමතන්න.

සේවක ප්‍රවේශ ද්වාරය

සේවක ප්‍රවේශ ද්වාරය සඳහා වන නව පරිශීලකයින් ඔන්ලයින් ප්‍රවේශය සඳහා ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වීම සඳහා ඔබ විසින් පහත විස්තර ලබා දිය යුතුය:

  • සේවක හැඳුනුම්පත (උදා. M123456)
  • වාසගම
  • උපන් දිනය.

සේවක ප්‍රවේශ ද්වාරය සඳහා ලියාපදිංචි වන ආකාරය පිළිබඳ අපගේ මාර්ගෝපදේශය බලන්න.

වැඩිදුර තොරතුරු

Updated