සේවක ද්වාරය වෙත ලියාපදිංචි වන ආකාරය (How to register for the worker portal) - සිංහල (Sinhalese)

ප්‍රවේශ ද්වාරය වෙත ලියාපදිංචි වන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කෙරෙන මාර්ගෝපදේශය

සේවක ප්‍රවේශ ද්වාරය වෙත ලියාපදිංචි වීම පිළිබඳ මාර්ගෝපදේශය

ඔබ ලියාපදිංචි වන විට ඔබට ජංගම දුරකථනයක් නොව, පරිගණකයක් අවශ්‍ය වනු ඇත.

ලියාපදිංචි වීමෙන් පසුව ඔබට ජංගම දුරකථනයක් භාවිතා කර සේවක ප්‍රවේශ ද්වාරය වෙත පිවිසිය හැකිය.

ලියාපදිංචි වීමට ඔබට පහත දෑ අවශ්‍ය වනු ඇත:

  • සේවක හඳුනා ගැනීමේ අංකය (උදා. M123456)
  • වාසගම
  • උපන් දිනය.

ඔබේ තොරතුරු ආරක්ෂා කර ගැනීමට, සේවක ප්‍රවේශ ද්වාරය වෙත බහු-සාධක සත්‍යාපනයක් අප විසින් හඳුන්වා දී තිබේ. ඔබ ලොගින් වන සෑම අවස්ථාවකදීම ඔබේ අනන්‍යතාව තහවුරු කිරීමට ඔබේ දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය වෙත ආරක්ෂණ කේතයක් එවනු ලැබේ.

ඔබට ලොගින් වීමට බලය සහිත දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් අවශ්‍ය වනු ඇත. ඔබේ සබඳතා තොරතුරු යාවත්කාලීන කිරීමට හෝ එක් කිරීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර 1800 517 158 අංකය ඔස්සේ අප අමතන්න.

1. සේවක ප්‍රවේශ ද්වාරය වෙත ගොස් ඔන්ලයින් ප්‍රවේශය සඳහා ලියාපදිංචි වන්න මත ක්ලික් කරන්න.

Worker portal login page

2. ඔබේ සේවක හැඳුනුම් අංකය, වාසගම සහ උපන් දිනය ඇතුළු කර ඊළඟ (Next) ක්ලික් කරන්න.

Worker portal registration page for new users

3. නියමයන් සහ කොන්දේසි කියවා, ඉන්පසුව සුරැක ඉදිරියට යන්න (Save & Continue) ක්ලික් කරන්න.

Terms and conditions

4. ඔබේ මුරපදය නිර්මාණය කර ඉදිරියට යන්න (Save & Continue) ක්ලික් කරන්න.

New password

5. අවසර කොටස සංස්කරණය කර, ආරක්ෂණ ප්‍රශ්න නිර්මාණය කර දුරැක වසන්න (Save & Close) ක්ලික් කරන්න.

Permission and security questions


ඔබව ලියාපදිංචි කර තිබේ.

ඔබට උපකාර අවශ්‍ය නම්, 1800 517 158 ඔස්සේ අප අමතන්න එසේ නැතහොත් enquiries@plsa.vic.gov.au වෙත ඊමේල් පණිවිඩයක් එවන්න.

වැඩිදුර තොරතුරු

Updated

""

Sign up to the portable long service email newsletter

Keep up to date on the scheme. Sign up to the Portable Long Service Authority email newsletter.

Please view our collection notice under the Portable Long Service Authority heading on our privacy page