ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා සඳහා හිමිකම්පෑම (Claiming your portable long service) - සිංහල (Sinhalese)

ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම් පාන ආකාරය පිළිබඳව දැන ගන්න.

Do you need a translator?

If English is not your first language, our staff can speak to you with the assistance of an interpreting and translation service. This is a free service.

Call toll free on 1800 517 158.

Information is now available in your language.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ උපචිත කර ගැනීම

එක් එක් කාර්තුවකදී, ඔබේ සේවා යෝජකයා විසින් දිගුකාලීන සේවා අධිකාරිය වෙත ඔබ විසින් වැඩ කරන ලද පැය ගණන සහ එම කාලය තුළ සාමාන්‍ය වැටුප ලබා දෙනු ඇත. ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ ගණනය කිරීමට මෙම වාර්තා උපයෝගී කර ගනු ලැබේ.

යෝජනාක්‍රමය යටතේ පිළිගත් සේවයක අඩු වශයෙන් වසර 7ක සේවා කාලයකට පසුව ඔබ වාර්තා කරනු ලබන සෑම සති 60කට එක් සතියක් සඳහා හිමිකම් ලබනු අතර, ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම්පෑමට සුදුසුකම් ලබයි.

ඔබට සාම්ප්‍රදායික දිගු සේවා ලබා ගන්නා අවස්ථාවේදීම පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභද උපචිත කර ගත හැකි වේ. කෙසේවෙතත්, එකම සේවා කාලය සඳහා ප්‍රතිලාභ දෙකම සඳහා හිමිකම් පෑමට ඔබට නොහැකිය.

ඔබ ඔබේ සේවා යෝජකයාගෙන් සාම්ප්‍රදායික දිගුකාලීන සේවා නිවාඩු ලබා ගෙන ඇත්නම්, එමගින් ඔබට හිමිකම් පෑ හැකි පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ශේෂය අඩු වනු ඇත.

ඔබේ හිමිකම් ගැන දැනගන්න

ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා හිමිකම් ගැන දැන ගැනීමට සේවක ද්වාරය  ((opens in a new window)worker portal(opens in a new window)) වෙත ලොගින් වන්න.

ඔබේ සේවා යෝජකයා විසින් ඔබේ සේවාව පිළිබඳව නිවැරදිව වාර්තා කර ඇතිදැයි යන්න තහවුරු කර ගැනීමට සේවක ද්වාරය පරීක්ෂා කිරීම වැදගත් වේ. ඔබ වැඩ කර ඇති පැය ගණන් අඩුවෙන් සඳහන්ව ඇත්නම්, ඔබට ලැබෙන පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා හිමිකම් අඩු විය හැකිය. ඔබේපැය ගණන් අඩුවෙන් සටහන්ව ඇත්නම් ඔබට අඩු සේවා හිමිකම් පෑම (opens in a new window) ((opens in a new window)claim for missing service(opens in a new window)) පිළිබඳ ආකෘතිපත්‍රය සම්පූර්ණ කළ හැකිය.

ඔබ සතුව ලොගින් විස්තර නොමැති නම් enquiries@plsa.vic.gov.au(opens in a new window) වෙත ඊමේල් පණිවිඩයක් එවන්න.

හිමිකම්පෑම සඳහා වන සුදුසුකම

සුදුසුකම් සහ හිමිකම්පෑමේ ක්‍රියාවලිය ඔබේ කර්මාන්තය අනුව වෙනස් විය හැකිය.

ප්‍රජා සේවා සේවකයින්

සිය සේවා යෝජකයා සමගින් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් ලබන ප්‍රජා සේවා සේවකයින් (හිමිකම් ව්‍යාපාරික ගිවිසුමක, කර්මාන්ත ප්‍රදානයක, හෝ සේවානියුක්ත කරවීමේ කොන්ත්‍රාත්තුවක නිශ්චිත වශයෙන් දක්වා ඇති අවස්ථාද ඇතුළුව) දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබයි. ඔවුන් දිගු සේවා නිවාඩු ලබා ගත යුත්තේ ඔවුන්ගේ සේවායෝජකයා වෙතිනි.

සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් නොලබන ප්‍රජා සේවා තුළ සිටින සේවකයන්, සුපර් ඇනුවේෂන් ගෙවීමද ඇතුළුව, දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම්පෑම පිණිස සිය සේවායෝජකයා වෙතින් සිදු කිරීම සඳහා පොරොත්තුවෙන් සිටීමේ වාසි සලකා බැලිය යුතුය.

කොන්ත්‍රාත්තුගත පිරිසිදු කිරීමේ සහ ආරක්ෂක සේවකයන්

ඔබ පහසුවෙන් ගෙන යා හැකි සහ සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු යන දෙකම සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔබ ලබා ගන්නේ කුමන එකදැයි යන්න ඔබ තෝරා ගත යුතුය.

ඔබේ සේවා යෝජකයා වෙතින් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු ලබා ගන්නා විට යම් යම් අමතර ප්‍රතිලාභ තිබිය හැකිය, එනම් ඔබේ නිවාඩු කාල සීමාව තුළදී සුපර් ඇනුවේෂන් මුදල ගෙවීම ඊට ඇතුළත් වේ. හිමිකම්පෑමක් සිදු කිරීම සලකා බලන විට තමන් මෙම හිමිකම්පෑම් දෙක අතර ඇති වෙනස්කම් අවබෝධ කර ගන්නා බවට සේවකයන් විසින් වගබලා ගත යුතුය.

කරුණාකර මතක තබා ගන්න: පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ ගෙවීම්වලට සුපර් ඇනුවේෂන් ගෙවීම් ඇතුළත් නොවන අතර ඒවා ගෙවනු ලබන්නේ සම්මත අනුපාතය අනුව වේ.

ඔබට හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කුමන අවස්ථාවේදීද?

සේවකයන් යෝජනාක්‍රමය යටතේ අවුරුදු 7ක සේවා පිළිගත් සේවයක් සම්පූර්ණ කර ඇත්නම් ඔවුනට පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම් පෑ හැකිය.

පිළිගත් සේවාවක් යනු යෝජනාක්‍රමයක් මගින් ආවරණය කෙරෙන කර්මාන්තයක සේවකයෙකු වැඩ කර ඇති සම්පූර්ණ කාලය වේ.

සේවක ද්වාරය(opens in a new window) (worker portal(opens in a new window)) හිදී ඔබට ඔබගේ පිළිගත් සේවාව දැකිය හැකිය.

සේවක ලියාපදිංචිය

ඔබ අඛණ්ඩවව අවුරුදු 4කට වැඩි කාලයක් ඔබේ කර්මාන්තය තුළ ආවරණය කෙරෙන වැඩ ඉටු කර නොමැති නම්, ඔබේ ලියාපදිංචිය අක්‍රිය වනු ඇත. ඉදිරියට ගෙන යා හැකි දිගු සේවා හිමිකම් ගොඩනඟා ගැනීමට යෝජනාක්‍රමය යටතේ ආවරණය කෙරෙන වැඩ (opens in a new window)(perform covered work(opens in a new window)) සේවා යෝජකයෙකු වෙනුවෙන් ඔබ ඉටු කළ යුතු වේ.

ඔබේ ලියාපදිංචිය අක්‍රිය වූ විට, ඔබට ඔබගේ සියලු පිළිගත් සේවා දින අහිමි වනු ඇත.

අඩු වශයෙන් එක් සේවා දිනයක් වත් ඔබේ සේවා යෝජකයා (යෝජකයන්) වාර්තා කර නොමැතිව අඛණ්ඩ අවුරුදු 4ක කාලයක් වෙත ප්‍රවේශ වන්නේ නම්, අපි ඔබ හා සම්බන්ධ වන්නෙමු.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා සඳහා හිමිකම් පෑම

හිමිකම්පෑමක් පිළිබඳව වැඩිදුර විස්තර සඳහා, පහත සබැඳි භාවිතා කර ඔබේ කර්මාන්තය සඳහා වන හිමිකම් පිටුව වෙත යන්න:

වැඩිදුර තොරතුරු

Updated

""

Sign up to the portable long service email newsletter

Keep up to date on the scheme. Sign up to the Portable Long Service Authority email newsletter.

Please view our collection notice under the Portable Long Service Authority heading on our privacy page