ප්‍රජා සේවා සේවක හිමිකම් (Community services worker claim) - සිංහල (Sinhalese)

ප්‍රජා සේවා කර්මාන්තය තුළ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම්පෑම.

Do you need a translator?

If English is not your first language, our staff can speak to you with the assistance of an interpreting and translation service. This is a free service.

Call toll free on 1800 517 158.

Information is now available in your language.

සුදුසුකම

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබීමට ප්‍රජා සේවා සේවකයන් විසින්:

  • යෝජනාක්‍රමය යටතේ වසර 7ක පිළිගත් සේවයක් සපුරා තිබිය යුතුය (පිළිගත් සේවය යනු යෝජනාක්‍රමය මගින් ආවරණය කරනු ලබන කර්මාන්තයක් තුළ සේවකයෙකු විසින් සේවය කර ඇති මුලු කාලය වේ).
  • සිය සේවා යෝජකයා සමගින් දැනටමත් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු සඳහා සුදුසුකම් ලබා නොතිබිය යුතුය.

සිය සේවා යෝජකයා සමගින් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් ලබන ප්‍රජා සේවා සේවකයින් (හිමිකම් ව්‍යාපාරික ගිවිසුමක, කර්මාන්ත ප්‍රදානයක, හෝ සේවානියුක්ත කරවීමේ කොන්ත්‍රාත්තුවක නිශ්චිත වශයෙන් දක්වා ඇති අවස්ථාද ඇතුළුව) දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබයි. ඔවුන් දිගු සේවා නිවාඩු ලබා ගත යුත්තේ ඔවුන්ගේ සේවායෝජකයා වෙතිනි.

සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් නොලබන ප්‍රජා සේවා තුළ සිටින සේවකයන්, ඔබේ නිවාඩු කාලය තුළ සුපර් ඇනුවේෂන් ගෙවීමද ඇතුළුව, දිගු සේවා ප්‍රතිලාභ සඳහා හිමිකම්පෑම පිණිස සිය සේවා යෝජකයා වෙතින් සිදු කිරීම සඳහා පොරොත්තුවෙන් සිටීමේ වාසි සලකා බැලිය යුතුය.

ඔබ දැනටමත් ඔබගේ සේවා යෝජකයාගෙන් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු ලබා ගෙන තිබේ නම්, ඔබට හිමිකම් පෑම පිණිස ඇති පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ අඩු වීමට ඉඩ තිබේ.

ඔබේ පිළිගත් සේවා ශේෂය පරීක්ෂා කරන්න

සේවක ද්වාරය (opens in a new window)(worker portal(opens in a new window)) හිදී ඔබට ඔබගේ පිළිගත් සේවා ශේෂය බැලීමට පුළුවන.

ඔබේ සේවා යෝජකයා විසින් එක් එක් කාර්තුව (සෑම මාස 3කට වරක්) තුළදී ඔබේ පැය ගණන් සහ සාමාන්‍ය ගෙවීම් පිළිබඳ විස්තර අප වෙත එවූ පසුව ඔබේ පිළිගත් සේවා ශේෂය සේවක ද්වාරය තුළ යාවත්කාල කෙරේ. නිදසුනක් ලෙස, ඔබ අප්‍රේල් සිට ජූනි දක්වා වූ කාර්තුව තුළ වැඩ කර ඇත්නම්, ඔබේ සේවා යෝජකයාට සිය කාර්තු වාර්තා (quarterly return) අප වෙත එවීමට ජූලි 31 දක්වා කාලය තිබේ.

කාර්තු වාර්තා සකස් කිරීමට සාමාන්‍යයෙන් දින 7 පමණ කාලයක් ගත වේ.

ඔබේ පිළිගත් සේවා ශේෂය වසර 7ක් ගත වන තෙක් සේවක ද්වාරය හරහා ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ සඳහා හිමිකම් පෑමට ඔබට නොහැකි වනු ඇත.

හිමිකම්පෑම සිදු කළ හැකි ආකාරය

සුදුසුකම් ලබන සේවකයන් සේවක ද්වාරය (opens in a new window)(worker portal(opens in a new window)) හරහා සිය පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ සඳහා හිමිකම් පෑමට සිදු කරයි.

සේවා යෝජකයා විසින් ඔබේ සේවාව නිවැරදි ලෙස වාර්තා කර ඇතිද යන්න සහ ඔබේ සබඳතා විස්තර යාවත්කාලීන වී ඇතිදැයි යන්න බැලීමට ඔබ සේවක ද්වාරය පරීක්ෂා කළ යුතුය.

හිමිකම්පෑමක් සිදු කිරීම පිණිස:

  1. මෙනුව තුළ 'හිමිකම්පෑම්' ('Claims') මත ක්ලික් කරන්න
  1. ඔබ සුදුසුකම් ලබා ඇත්නම්, තිරයේ ඉහළ දකුණු කෙළවරේ ඇති 'නව හිමිකම්පෑම' ('New claim') බොත්තමක් ඔබට දැකිය හැකි වනු ඇත.

ඔබට අපගේ පියවරෙන් පියවර මාර්ගෝපදේශය (guide)අනුගමනයකළ හැකිය: හිමිකම් පාන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශය(opens in a new window): ප්‍රජා සේවා සේවකයන්.(opens in a new window)

හිමිකම්පෑම් සකස් කිරීම

ඔබගේ හිමිකම්පෑම අප වෙත ලැබුණු පසුව අප විසින් ඔබගේ වැඩ ඉතිහාසය පරීක්ෂා බලනු ලැබේ. අපට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සමහර අවස්ථාවලදී අපි ඔබව සහ/හෝ ඔබගේ සේවා යෝජකයා සම්බන්ධ කර ගන්නෙමු.

හිමිකම්පෑම් සාමාන්‍යයෙන් සති 3 ක කාලයකදී සකස් කෙරේ. ඔබට වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් හෝ ඔබේ සේවා යෝජකයා සමගින් විස්තර පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අපට ඊට වඩා කාලයක් අවශ්‍ය වනු ඇත.

වෙනත් සමහර හිමිකම්පෑම් සකස් කිරීමට දිගු කාලයක් ගත වනු ඇත. නිදසුනක් ලෙස, ඔබ කර්මාන්තයෙන් විශ්‍රාම යන්නේ නම්.

සුදුසුකම

සුදුසුකම් ලබන ප්‍රජා සේවා සේවකයන්හට යෝජනාක්‍රමය යටතේ වාර්තා කෙරෙන සෑම සති 60ක වැඩ කාලයකට සති 1ක පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ හිමි වේ.

හිමිකම්පෑම සඳහා ඔබ සුදුසුකම් ලැබූ පසුව සේවක ද්වාරය තුළදී ඔබට ඔබේ හිමිකම් ශේෂය බලා ගැනීමට හැකි වේ.

ප්‍රජා සේවක සේවකයන්හට සිය පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ ගෙවනු ලබන්නේ මුදල් ප්‍රතිලාභ ලෙසිනි. ගෙවීම ලබා ගැනීම පිණිස ඔබට ඔබගේ සේවා යෝජකයා වෙතින් නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නොවේ.

ගෙවනු ලබන හිමිකම්පෑමේ මුදල

ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ගෙවීම සඳහා පදනම් කර ගැනෙනුයේ ඔබ හිමිකම් පානු ලබන නිවාඩු කාල සීමාව සහ ඔබ ගෙවීම සඳහා අයදුම් කරන අවස්ථාවේදී ඔබගේ සාමාන්‍ය වැටුප වේ.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ තුළ සුපර්ඇනුවේෂන් ඇතුළත් නොවේ.

ගෙවීම

ප්‍රජා සේවා සේවකයන්හට නම් කර ඇති බැංකු ගිණුමක් වෙත මුදල් ප්‍රතිලාභයක් ලෙසට ඔවුන්ගේ හිමිකම්පෑම සඳහා ගෙවීම් කරනු ලැබේ.

බදු

ඔස්ට්‍රේලියානු බදු කාර්යාල (ATO) මාර්ගෝපදේශවල දක්වා ඇති අදාළ බදු අනුපාත අනුව ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ ගෙවීම් සඳහා බදු මුදල් අය කෙරේ. බදු අනුපාත පිළිබඳ වැඩිදුර උපදෙස් සඳහා ATO සමඟ සම්බන්ධ වන්න.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා ගෙවීම් සිදු කරනුයේ බදු මුදල් අඩු කිරීමෙන් පසුව වේ. සේවකයෙකුගේ මරණය සිදු වූ අවස්ථාවක සිදු කරනු ලබන ගෙවීම්වලින් බදු මුදල් අත්හිටුවනු නොලැබේ.

ප්‍රජා සේවා සේවකයන්ගේ හිමිකම්පෑම් වර්ග

හිමිකම්පෑම් වර්ගයතොරතුරු
මුදල් ප්‍රතිලාභ ගෙවීම

හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද?

යෝජනාක්‍රමය යටතේ වසර 7ක පිළිගත් සේවයක් සහිත තවදුරටත් ප්‍රජා සේවා කර්මාන්තය තුළ අඛණ්ඩව වැඩ කරන ප්‍රජා සේවා සේවකයන්.

හිමිකම්පෑම් සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන

  • ඉතා මෑතකාලීන වැටුප් පත්‍රිකාවක්
  • බැංකු ගිණුම සනාථ කෙරෙන ලේඛනයක් (ගිණුමේ නම, BSB සහ ගිණුම් අංකය පෙන්වන බැංකු ශීර්ෂයක් සහිත ප්‍රකාශයක්)
කර්මාන්තය හැර යාම

හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද?

කර්මාන්තය ස්ථිර වශයෙන්ම හැර යන වසර 7ක පිළිගත් සේවයක් සහිත ප්‍රජා සේවා සේවකයන්, එය පහත හේතු මත සිදු විය හැකිය:

  • විශ්‍රාම යාම
  • අතිරික්තතාව
  • පූර්ණ සහ ස්ථිර අකර්මණ්‍යතාව
  • ආපසු පැමිණීමේ අපේක්ෂාවක් නොමැතිව ස්ථිරව කර්මාන්තය හැර යාම.

හිමිකම්පෑම සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන

  • ඉතා මෑතකාලීන වැටුප් පත්‍රිකාවක්
  • බැංකු ගිණුම සනාථ කෙරෙන ලේඛනයක් (ගිණුමේ නම, BSB සහ ගිණුම් අංකය පෙන්වන බැංකු ශීර්ෂයක් සහිත ප්‍රකාශයක්)
  • අතිරික්තතාවය හෝ ඉල්ලා අස්වීම පිළිබඳ සනාථ කිරීම (අදාළ වේ නම්)
මියගිය සේවකයා

හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද?

නිත්‍යානුකූල නියෝජිතයෙකු, නිසිබලය හිමි ඥාතියෙකු, මියගිය සේවකයෙකු වෙනුවෙන් හිමිකම් පෑමක් සිදු කළ හැකි ඇටෝනි බලයක් යටතේ වසර 7ක පිළිගත් සේවයක් සහිත බලයලත් පුද්ගලයෙකු.

හිමිකම්පෑම සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන

  • ඉතා මෑතකාලීන වැටුප් පත්‍රිකාවක්
  • මරණ/හදිසි මරණ පරීක්ෂක සහතිකයේ සහතික කරන ලද පිටපතක්.
  • අන්තිම කැමති පත්‍රයේ හෝ ප්‍රොබේට් ප්‍රදානයේ පිටපතක්
  • ඇටෝර්නි බලපත්‍රය සහ හිමිකම්පෑම සිදු කරන නියෝජිතයාගේ අනන්‍යතා ලේඛන
  • මියගිය සාමාජිකයාගේ දේපළ හෝ නීතිඥවරුන්ගේ භාරකාර ගිණුම සඳහා වන බැංකු ගිණුම් විස්තර

වැඩිදුර තොරතුරු

Updated