සුදුසුකම
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්රතිලාභ සඳහා හිමිකම් ලැබීමට, ඔබ අනිවාර්යයෙන් වසර 7ක පිළිගත් සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.
පිළිගත් සේවය යනු යෝජනාක්‍රමය මගින් ආවරණය කරනු ලබන කර්මාන්තයක් තුළ ඔබ විසින් සේවය කර ඇති මුලු කාලය වේ.
සේවක ද්වාරය (opens in a new window)(worker portal(opens in a new window)) හිදී ඔබට ඔබගේ පිළිගත් සේවා ශේෂය බැලීමට පුළුවන.
ඔබේ සේවා යෝජකයා විසින් එක් එක් කාර්තුව (සෑම මාස 3කට වරක්) තුළදී ඔබේ පැය ගණන් සහ සාමාන්‍ය ගෙවීම් පිළිබඳ විස්තර අප වෙත එවූ පසුව ඔබේ පිළිගත් සේවා ශේෂය සේවක ද්වාරය තුළ යාවත්කාල කෙරේ. නිදසුනක් ලෙස, ඔබ අප්‍රේල් සිට ජූනි දක්වා වූ කාර්තුව තුළ වැඩ කර ඇත්නම්, ඔබේ සේවා යෝජකයාට සිය කාර්තු වාර්තා (quarterly return) අප වෙත එවීමට ජූලි 31 දක්වා කාලය තිබේ.
කාර්තු වාර්තා සකස් කිරීමට සාමාන්‍යයෙන් දින 7 පමණ කාලයක් ගත වේ.
කාර්තු වාර්තා යැවිය යුතු දින (opens in a new window)(quarterly return due dates(opens in a new window)) බලන්න.
ඔබේ පිළිගත් සේවා ශේෂය වසර 7ක් ගත වන තෙක් සේවක ද්වාරය හරහා ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් පෑමට ඔබට නොහැකි වනු ඇත.
කුමන නිවාඩු ලබා ගන්නේදැයි තෝරා ගැනීම
ඔබ සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු සහ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු යන දෙකම සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔබ ලබා ගැනීමට කැමති කුමන ප්රතිලාභයදැයි ඔබ විසින් තෝරාගත යුතුය.
එකම පිළිගත් සේවා කාලසීමාවක් සඳහා සාම්ප්‍රදායික සහ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ යන දෙකටම හිමිකම්පෑමට ඔබට නොහැකිය. නිදසුනක් ලෙස, අධිකාරිය වාර්තා කර ඇති සේවා කාලයක් සඳහා සිය සේවා යෝජකයා වෙතින් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු ලබා ගන්නා සේවකයින්ට සිය පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ ලබා ගත හැකි වන්නේ හිමිකම් පානු ලබන එකට ඡේදනය වන සේවා කාලය අඩු කිරීමෙන් පසුව වේ.
සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු
ඔබ සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු ලබා ගැනීමට තීරණය කළහොත්, ඔබේ සේවා යෝජකයා විසින් නිවාඩු නම් කිරීමේ ආකෘතිපත්‍රයක්(opens in a new window) සම්පූර්ණ කරන ලෙස ඔබට පවසනු ඇත.
අධිකාරිය වෙත වාර්තා කර ඇති දිගු සේවා කාලසීමාවක් සඳහා ගෙවනු ලැබූ සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු ගෙවීම් ප්‍රතිපූර්ණ කර ගැනීමට මෙම ආකෘතිය මගින් ඔබේ සේවා යෝජකයාට ඉඩ ලබා දේ.
ඔබේ සේවා යෝජකයා වෙතින් සාම්ප්‍රදායික දිගු සේවා නිවාඩු ලබා ගන්නා විට යම් යම් අමතර ප්රතිලාභ තිබිය හැකිය, එනම් ඔබේ නිවාඩු කාල සීමාව තුළදී සුපර් ඇනුවේෂන් මුදල ගෙවීම ඊට ඇතුළත් වේ. හිමිකම්පෑමක් සිදු කිරීම සලකා බලන විට තමන් මෙම හිමිකම්පෑම් දෙක අතර ඇති වෙනස්කම් අවබෝධ කර ගන්නා බවට සේවකයන් විසින් වගබලා ගත යුතුය.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු
ඔබ යෝජනාක්‍රමය යටතේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ලබා ගැනීමට තීරණය කළහොත්, ඔබේ සේවා යෝජකයා විසින් පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා සේවා යෝජකයා විසින් අනුමත කළ යුතු ආකෘතිපත්‍රය අනුමත කර සම්පූර්ණ කළ යුතුය. ඔබ විසින් සම්පූර්ණ කරන ලද ආකෘතිපත්‍රය ඔබේ හිමිකම්පෑම සමගින් අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුය.
ආරක්ෂක සේවකයින්, තම සේවායෝජකයා සමඟ එකඟ වූ දීර්ඝ නිවාඩු කාලය තුළ වෙනත් කිසිදු ආකාරයක රැකියාවක නිරත නොවිය යුතුය.
ආරක්ෂක ක්ෂේත්රයෙන් ස්ථිරවම ඉවත්ව යන සේවකයින් දීර්ඝ සේවා නිවාඩු ලබා නොගන්නා අතර, ඒ වෙනුවට ඔවුන්ට හිමි ප්රතිලාභ එකවර මුදල් ගෙවීමක් (lump sum payment) ලෙස ලබා දෙනු ලැබේ.
කරුණාකර මතක තබා ගන්න: පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ ගෙවීම්වලට සුපර් ඇනුවේෂන් ගෙවීම් ඇතුළත් නොවන අතර ඒවා ගෙවනු ලබන්නේ සම්මත අනුපාතය අනුව වේ.
හිමිකම්පෑම සිදු කළ හැකි ආකාරය
සුදුසුකම් ලබන සේවකයන් සේවක ද්වාරය (opens in a new window)(worker portal(opens in a new window)) හරහා සිය පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් පෑමට සිදු කරයි.
සේවා යෝජකයා විසින් ඔබේ සේවාව නිවැරදි ලෙස වාර්තා කර ඇතිද යන්න සහ ඔබේ සබඳතා විස්තර යාවත්කාලීන වී ඇතිදැයි යන්න බැලීමට ඔබ සේවක ද්වාරය පරීක්ෂා කළ යුතුය.
හිමිකම්පෑමක් සිදු කිරීම පිණිස:
- සේවක ද්වාරය (opens in a new window)(worker portal(opens in a new window)) වෙත ලොගින් වන්න
- මෙනුව තුළ 'හිමිකම්පෑම්' ('Claims') මත ක්ලික් කරන්න
- ඔබ සුදුසුකම් ලබා ඇත්නම්, තිරයේ ඉහළ දකුණු කෙළවරේ ඇති 'නව හිමිකම්පෑම' ('New claim') බොත්තමක් ඔබට දැකිය හැකි වනු ඇත.
ඔබට අපගේ පියවරෙන් පියවර මාර්ගෝපදේශය (guide)අනුගමනයකළ හැකිය: හිමිකම් පාන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශය(opens in a new window): කොන්ත්‍රාත්තුගත පිරිසිදු කිරීමේ සේවකයන්.(opens in a new window)
හිමිකම්පෑම් සකස් කිරීම
ඔබගේ හිමිකම්පෑම අප වෙත ලැබුණු පසුව අප විසින් ඔබගේ වැඩ ඉතිහාසය පරීක්ෂා බලනු ලැබේ. අපට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සමහර අවස්ථාවලදී අපි ඔබව සහ/හෝ ඔබගේ සේවා යෝජකයා සම්බන්ධ කර ගන්නෙමු.
හිමිකම්පෑම් සාමාන්‍යයෙන් සති 3 ක කාලයකදී සකස් කෙරේ. ඔබට වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් හෝ ඔබේ සේවා යෝජකයා සමගින් විස්තර පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අපට ඊට වඩා කාලයක් අවශ්‍ය වනු ඇත.
වෙනත් සමහර හිමිකම්පෑම් සකස් කිරීමට දිගු කාලයක් ගත වනු ඇත. නිදසුනක් ලෙස, ඔබ කර්මාන්තයෙන් විශ්‍රාම යන්නේ නම්.
සුදුසුකම
සුදුසුකම් ලබන සේවකයන් හට යෝජනා ක්‍රමය යටතේ වාර්තා කෙරෙන සෑම සති 60ක වැඩ කාලයකට සති 1ක පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ හිමි වේ.
හිමිකම්පෑමක් සිදු කිරීම සඳහා ඔබ සුදුසුකම් ලැබූ පසුව සේවක ද්වාරය තුළදී ඔබට ඔබේ හිමිකම් ශේෂය දැක ගැනීමට හැකි වේ.
ගෙවනු ලබන හිමිකම්පෑමේ මුදල
ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ගෙවීම් මුදල ගණනය කරනු ලබන්නේ, හිමිකම් පාන සති ගණන (හෝ සතියක කොටස්) සහ ඔබ ගෙවීම් සඳහා අයදුම් කරන අවස්ථාවේ පවතින සාමාන්‍ය වැටුපේ සතිපතා අනුපාතය එකිනෙක මගින් ගුණ කිරීමෙනි.
ඔබේ පැය ගණන් පසුගිය වසර 2 තුළ වෙනස් වී ඇත්නම්, ඔබේ ගෙවීම ගණනය කිරීම පිණිස ඔබේ සේවකයා විසින් දැනුම් දී ඇති, ඔබගේ සාමාන්‍ය පැය ගණන අප භාවිතා කරමු.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩුවලට පෙර ඔබේ වැටුප් අනුපාතය ඉහළ යන්නේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න, එවිට අපට ඔබේ ගෙවීම් ප්‍රමාණය යාවත්කාලීන කර ගැනීමට හැකි වේ. ඔබේ නව වැටුප් අනුපාතය ඉහළ යන්නේ කවර දිනකද යන විස්තරද ඇතුළත් කරමින්, එම ඉහළ යාම පෙන්නුම් කෙරෙන ලිපි ලේඛන ඔබ විසින් අප වෙත එවිය යුතුය.
ගෙවීම
ඔබේ නම් කර ඇති බැංකු ගිණුම වෙත එකවර ගෙවනු ලබන මුදලක් ලෙස අධිකාරිය ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ ගෙවීම් සිදු කරනු ලැබේ.
බදු
ඔස්ට්‍රේලියානු බදු කාර්යාල (ATO) මාර්ගෝපදේශවල දක්වා ඇති අදාළ බදු අනුපාත අනුව ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්රතිලාභ ගෙවීම් සඳහා බදු මුදල් අය කෙරේ. බදු අනුපාත පිළිබඳ වැඩිදුර උපදෙස් සඳහා ATO සමඟ සම්බන්ධ වන්න.
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා ගෙවීම් සිදු කරනුයේ බදු මුදල් අඩු කිරීමෙන් පසුව වේ. සේවකයෙකුගේ මරණය සිදු වූ අවස්ථාවක සිදු කරනු ලබන ගෙවීම්වලින් බදු මුදල් අත්හිටුවනු නොලැබේ.
ආරක්ෂක සේවකයින් විසින් ඉදිරිපත් කරනු ලබන හිමිකම් වර්ග
| හිමිකම්පෑම් වර්ගය | තොරතුරු |
| පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සහ ගෙවීම | හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද? මෙම ක්‍රමවේදය යටතේ වසර 7ක පිළිගත් සේවා කාලයක් සහිත ආරක්ෂක කාර්ය මණ්ඩලය. හිමිකම්පෑම් සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන
|
| කර්මාන්තය හැර යාම – පූර්ණ අකර්මණ්‍යතාව | හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද? පූර්ණ අකර්මණ්‍යතාව හේතුවෙන් කර්මාන්තය ස්ථිර වශයෙන්ම හැර යන වසර 7ක පිළිගත් සේවයක් සහිත සේවකයන්. හිමිකම්පෑම් සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන
|
| කර්මාන්තය හැර යාම | හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද? කර්මාන්තය ස්ථිර වශයෙන්ම හැර යන වසර 7ක පිළිගත් සේවයක් සහිත සේවකයන්. හිමිකම්පෑම් සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන
|
| මියගිය සේවකයා | හිමිකම්පෑම් සිදු කළ හැක්කේ කාටද? නිත්‍යානුකූල නියෝජිතයෙකු, නිසිබලය හිමි ඥාතියෙකු, මියගිය සේවකයෙකු වෙනුවෙන් හිමිකම් පෑමක් සිදු කළ හැකි ඇටෝනි බලයක් යටතේ වසර 7ක පිළිගත් සේවයක් සහිත බලයලත් පුද්ගලයෙකු. හිමිකම්පෑම සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ලිපි ලේඛන
|
වැඩිදුර තොරතුරු
හිමිකම්පෑම් සිදු කිරීම පිළිබඳ මාර්ගෝපදේශය (How to claim guide): කොන්ත්‍රාත්තු පිරිසිදුකිරීමේ සහ ආරක්ෂක සේවකයන් (Contract cleaning and security workers) - සිංහල (Sinhalese)
සේවක ප්‍රවේශ ද්වාරයෙන් හිමිකම් පෑම පිළිබඳ පියවරෙන් පියවර මාර්ගෝපදේශය.
Security worker claim
Claiming portable long service leave in the security industry.
Updated
