ඔබ ආරම්භ කිරීමට පෙර
ඔබට ඔබේ හිමිකම්පෑම සඳහා අවශ්‍ය විය හැකි ලේඛන සූදානම් කර තබා ගන්න:
- ඔබේ සාමාන්‍ය වැටුප (පැය අනුව වැටුප් අනුපාතය) පෙන්නුම් කරන, ඔබේ සියලු සේවා යෝජකයින් සඳහා වන වත්මන් වැටුප් පත්‍රිකා,
- BSB, ගිණුම් නාමය සහ ගිණුම් අංකය පෙන්නුම් කරන මෑතකාලන බැංකු ප්‍රකාශය.
- ඔබ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් පාන්නේ නම්, පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා සේවා යෝජකයාගේ අනුමත කිරීමේ ආකෘතිපත්‍රය
මෙම ලේඛනවල ඡායාරූප ලබා ගැනීමට ඔබ ස්මාට් දුරකථනයක් භාවිතා කළ හැකි අතර, එසේ නැතහොත් ඔබට ඒවා ස්කෑන් කර ඔබේ පරිගණකය වෙත උඩුගත කළ හැකිය.
ඔබේ සේවක හැඳුනුම් අංකය ඔබට ලබා දීමට ඔබේ සේවා යෝජකයාට හැකි විය යුතුය.
ඔබේ සේවා යෝජකයා හා සම්බන්ධ වීමට ඔබට නොහැකි නම්, 1800 517 158 අංකය අමතා හෝ enquiries@plsa.vic.gov.au මගින් ඊමේල් පණිවිඩයක් එවා අප හා සම්බන්ධ වීමට ඔබට පුළුවන.
සේවක ප්‍රවේශ ද්වාරය වෙත ලියාපදිංචි වන ආකාරය පිළිබඳ අපගේ මාර්ගෝපදේශය බලන්න.
ඔබේ හිමිකම්පෑම අරඹන්න.
1. ඔබේ ඊමේල් ලිපිනය හෝ සේවක හැඳුනුම් අංකය භාවිතා කර සේවක ප්‍රවේශ ද්වාරය(opens in a new window) වෙත ලොග් ඉන් වන්න.
ඔබේ තොරතුරු ආරක්ෂා කිරීම පිණිස, සේවක ප්‍රවේශ ද්වාරය වෙත බහු-සාධක සත්‍යාපනය එක් කර තිබේ. ඔබේ අනන්‍යතාවය සත්‍යාපනය කරනු පිණිස ඔබ ලොග් ඉන් වන සෑම අවස්ථාවකම ආරක්ෂක කේතයක් ඔබේ ජංගම දුරකථනය හෝ ඊමේල් ලිපිනය වෙත එවනු ලැබේ.
ලොග් ඉන් වීම සඳහා අධිකාරිය සමඟ ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් ඔබට අවශ්‍ය වේ. ඔබේ සබඳතා විස්තර යාවත්කාලීන කිරීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර 1800 517 158 ඔස්සේ අප අමතන්න.
2. සේවක ප්‍රවේශ ද්වාරය වෙත සාදරයෙන් පිළිගනිමු.
ඩෑෂ්බෝඩය - ඔබේ පුද්ගලික විස්තර සහ ඔබේ හඳුනාගත් සේවා ශේෂය පෙන්නුම් කරයි.
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
දායක මුදල් - අධිකාරිය වෙත ඔබේ සේවා යෝජකයන් විසින් වාර්තා කරන ලද ඔබේ සේවාව පිළිබඳ සාරාංශයක් පෙන්නුම් කරයි.
(opens in a new window)
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
මගේ විස්තර - ඔබේ පුද්ගලික විස්තර, ලිපිනයන්, රහස්වචන, සහ ආරක්ෂක ප්‍රශ්න පරීක්ෂා කර යාවත්කාලීන කරන්න.
(opens in a new window)
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
ලිපි ගනුදෙනු - ඔබ විසින් උඩුගත කරන ලද ලේඛනද ඇතුළුව, ඔබ සහ අධිකාරිය අතර සිදුව ඇති ලිපි ගනුදෙනු පිළිබ ඳව වාර්තා බලන්න.
(opens in a new window)
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
මට අවශ්‍යයි - ඔබ වැඩ කර ඇති පැය ගණන් අඩුවෙන් සඳහන්ව ඇත්නම්, මෙම ටැබ් එක යටතේ ඇති අඩු සේවා හිමිකම් පෑම පිළිබඳ ආකෘතිපත්‍රය (Missing Service claim form) සම්පූර්ණ කරන්න.
(opens in a new window)
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
3. ඔබේ ඩෑෂ්බෝඩ් එකෙන්, වම් පැත්තේ ඇති ‘හිමිකම්පෑම්’(‘Claims’) තෝරන්න.
4. ‘නව හිමිකම්පෑමක්’(‘New Claim’) ආරම්භ කරන්න.
ඔබ හිමිකම්පෑමක් සිදු කිරීම සඳහා සුදුසුකම් ලබන විට, තිරයේ ඉහළ දකුණු කෙළවරේ 'නව හිමිකම්පෑම'('New Claim') බොත්තමක් ඔබට පෙනෙනු ඇත.
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
5. ඔබේ විස්තර පරීක්ෂා කර තහවුරු කරන්න.
කරුණාකර ඔබේ:
- ජංගම දුරකථන අංකය
- ඊමේල් ලිපිනය
- ලිපිනය පරීක්ෂා කරන්න
ඔබට ඔබේ විස්තර යාවත්කාලීන කිරීමට අවශ්‍ය නම්, ඔබට ඒවා මෙම කොටස තුළ සංස්කරණය කළ හැකිය. ඔබේ විස්තර නිවැරදි කළ පසුව, ‘මගේ විස්තර නිවැරදියි’(‘My details are correct’) බොත්තම ක්ලික් කරන්න.
අධිකාරියට පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ යෝජනාක්‍රමය පරිපාලනය කිරීම හා අදාළ සිය කාර්යයන් ඉටු කිරීම පිණිස ඊට අවශ්‍ය වන පුද්ගලික තොරතුරු ඒකරාශී කිරීම, තමා වෙත පනත, රහස්‍යතාව සහ අනෙකුත් නීති මගින් ලබා දී ඇති බලය අනුව අධිකාරිය විසින් සිදු කරයි. වැඩිදුර තොරතුරු සඳහා PLSA රහස්‍යතා ප්‍රතිපත්තිය බලන්න.
6. ඔබ නිවාඩු ලබා ගන්නේ නම්,‘පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා ඉල්ලුම් කරන්න’(‘apply for portable long service leave’) තෝරන්න.
හිමිකම්පෑම් හා අදාළ විකල්ප දෙකක් තිබේ:
- පහසුවෙන් ගෙනයා හැකි දිගු සේවා නිවාඩු සඳහා අයදුම් කිරීමට පළමු විකල්පය තෝරන්න.
- ඔබ ඔබේ කර්මාන්තයෙන් ස්ථිරවම ඉවත් වන්නේ නම් සහ හිමිකම්පෑම් ගෙවීමක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය නම් දෙවන විකල්පය තෝරන්න.
7. ඔබේ වත්මන් සේවා යෝජකයන් සඳහා ඔබේ වැඩ කාලසටහන(න්) එක් කරන්න.
ඔබ විසින් සිදු කළ යුත්තේ සාමාන්‍ය සතියක කාලයක් සඳහා ඔබේ සාමාන්‍ය වැඩකිරීමේ රටාව ලබා දීම පමණි – ඔබ හිම්කම් පාන සෑම නිවාඩු සතියක් පිළිබඳවම තොරතුරු නොවේ.
(opens in a new window)
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
- වැඩ කාලසටහන ඩ්‍රොප්-ඩවුන් එකෙන්, ඔබ පහසුවෙන් ගෙන යා හැකි නිවාඩු සඳහා හිම්කම් පෑම සිදු කරන වත්මන් සේවා යෝජකයා තෝරන්න.
- සාමාන්‍ය සතියක් මත පදනම්ව, ඔබේ වැඩ පැය ගණන් සහ දිනයක් ඇතුළු කරන්න. ඔබ වැඩ නොකරන දවස් සඳහා, එම දවස් හිස්ව තබන්න. අවම නිවාඩු හිමිකම්පෑම එක් සම්පූර්ණ දවසක් විය යුතුය.
- වැඩ කරන ලද එක් එක් දවස සඳහා ඔබේ සාමාන්‍ය වැටුප (පැය ගණන අනුව වැටුප් අනුපාතය) ඇතුළු කරන්න.
- ස්වයංක්‍රීයව ගණනය කරන ලද එක් සතියකට වැඩ කරන ලද පැය ගණන, එක් සතියක දවස් ගණන සහ සේවා යෝජකයාගේ පැය ගණන අනුව ගෙවීම් අනුපාතය සමාලෝචනය කරන්න.
- මෙම සේවා යෝජකයාගෙන් හිමිකම් පාන මුළු පැය ගණන සහ මෙ සේවා යෝජකයාගෙන් හිමිකම් පාන මුළු දින ගණන සම්පූර්ණ කිරීමට මෙම ගණනය කිරීම් භාවිතා කරන්න. මෙම සේවා යෝජකයාගෙන් අඩු වශයෙන් එක් දිනයක නිවාඩුවක් ලබා ගන්නා බවට ඔබ වගබලා ගත යුතුය.
ඔබ ඔවුන්ගෙන් පහසුවෙන් ගෙන යා හැකි නිවාඩු සඳහා හිම්කම් නොපාන්නේ වුවද, ඔබ විසින් සියලු වත්මන් සේවා යෝජකයන් සඳහා වන වැඩ කාල සටහන් අනිවාර්යයෙන්ම එක් කළ යුතුය.
මෙම අනෙකුත් සේවා යෝජකයන් සඳහා මෙම පැය ගණන ‘0’ ලෙස ඇතුළු කරන්න.
වෙනත් සේවා යෝජක වැඩ කාලසටහනක් එක් කිරීමට, ‘+ තව වැඩ කාලසටහන් එක් කරන්න’ (‘+ add more work schedule’) ක්ලික් කර ඉහත සඳහන් කරන ලද පියවරවල්ම අනුගමනය කරන්න.
අනියම් සේවකයන්
If you are a casual worker without regular hours, you may leave the days-of-the-week fields blank. The minimum leave claim is one full day. For example, if you work 4 hours with Employer 1 in the morning and 4 hours with Employer 2 later that day, you must take leave from both employers to meet the one-day minimum requirement.
We will contact you if we need any further information.
ඔබ නිත්‍ය පැය ගණනක් නොමැති අනියම් සේවකයෙකු නම්, ඔබට සතියේ-දවස් ගණන කොටස් හිස්ව තැබිය හැකිය. අවම නිවාඩු හිමිකම එක් සම්පූර්ණ දවසක් විය යුතුය. නිදසුනක් ලෙස, ඔබ 1 වන සේවායෝජකයා සමඟ පැය 4ක් සහ එම දවසේ පසු කාලයේ 2 වන සේවා යෝජකයා සමඟ පැය 4ක් වැඩ කරන්නේ නම්, සම්පූර්ණ දින-එකක අවම අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිස ඔබ සේවා යෝජකයන් දෙදෙනාගෙන්ම නිවාඩු ලබා ගත යුතුය.
8. ඔබේ නිවාඩු දින ගණන් එක් කර තහවුරු කරන්න (Confirm) මත ක්ලික් කරන්න.
ඔබේ හිමිකම් පෑම පසුව ඉදිරිපත් කිරීමට පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සේවායෝජකගේ අනුමත කිරීමේ ආකෘතිපත්‍රය බාගත කර ගන්න.
9. ඔබේ බදු ගොනු අංකය එක් කර ඔබ බදු-රහිත ආදායමක් (tax-free threshold) සඳහා හිමිකම් පෑමට අදහස් කරන්නේද යන්න ගැන දැනුම් දෙන්න.
(opens in a new window)එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
බදු-රහිත ආදායම (tax-free threshold) සඳහා හිමිකම් පෑම
එකම කාලයක් සඳහා ඔබට එක් සේවා යෝජකයෙකුට වඩා වැඩි ගණනක් සිටින්නේ නම්, ඔබ එක් සේවා යෝජකයෙකු වෙතින් බදු-රහිත ආදායම් (threshold) සඳහා හිමිකම් පෑ යුතු අතර, සාමාන්‍යයෙන්, එය ඔබට සාමාන්‍ය යෙන් ඉහළම වැටුපක් හෝ වේතනයක් ගෙවන සේවා යෝජකයා වෙතින් සිදු කළ යුතුය.
බදු-රහිත ආදායමක් (threshold) සඳහා හිමිකම්පෑම සඳහා වන ඔබේ සුදුසුකම් සම්බන්ධයෙන් ඔබට පැහැදිලි නොමැති නම්, ස්වාධීන වෘත්තීය උපදෙස් ලබා ගැනීමට අපි ඔබව දිරිමත් කරමු.
10. ඔබේ ගෙවීම් විස්තර ලබා දෙන්න.
ඔබ විසින් ඔබගේ ගිණුම් විස්තර නිවැරදිව ඇතුළු කර ඇතිදැයි පරීක්ෂා කරන්න. ඔබේ හිමිකම්පෑම් සඳහා ගෙවීම් කරනු ලබන්නේ මෙම ගිණුමටය. සාවද්‍ය ගෙවීම් විස්තර සැපයුවහොත් ඒ සඳහා අධිකාරිය වගකියනු නොලැබේ.
11. ඔබේ ආධාරක ලේඛන එක් කරන්න.
(opens in a new window)
එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
ඔබ විසින් ලැයිස්තුගත කරන ලද එක් එක් වැඩ කාලසටහන/සේවායෝජකයා සඳහා වන ආධාරක ලේඛන උඩුගත කරන්න.
- ඔබේ සාමාන්‍ය වැටුප (පැය අනුව වැටුප් අනුපාතය) පෙන්නුම් කරන, ඔබේ සියලු සේවා යෝජකයින් සඳහා වන වත්මන් වැටුප් පත්‍රිකා,
- BSB, ගිණුම් නාමය සහ ගිණුම් අංකය පෙන්නුම් කරන මෑතකාලන බැංකු ප්‍රකාශය.
- පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු සඳහා සේවා යෝජකයාගේ අනුමත කිරීමේ ආකෘතිපත්‍රය.
ඔබගේ ලේඛන උඩුගත කිරීම
මෙම ලේඛනවල ඡායාරූප ලබා ගැනීමට ඔබ ස්මාට් දුරකථනයක් භාවිතා කළ හැකි අතර, එසේ නැතහොත් ඔබට ඒවා ස්කෑන් කර ඔබේ පරිගණකය වෙත උඩුගත කළ හැකිය.
ඔබට ඔබේ ලේඛන උඩුගත කිරීම පිළිබඳව ගැටළු ඇත්නම්, ඔබට 1800 517 158 හෝ enquiries@plsa.vic.gov.au මගින් අප හා සම්බන්ධ වීමට ඔබට පුළුවන.
12. නියමයන් හා කොන්දේසි සමාලෝචනය කරන්න.
(opens in a new window)එය විශාල කිරීමට රූපය මත ක්ලික් කරන්න.
13. කෙටුම්පතක් සුරකින්න නැතහොත් හිමිකම්පෑම ඉදිරිපත් කරන්න.
සමාලෝචනය හා සංස්කරණය කර පසුව ඉදිරිපත් කිරීමට කෙටුම්පතක් සුරැකීමට, හෝ ඔබේ හිමිකම්පෑම ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන.
හිමිකම්පෑමකසැකසීම් කටයුතු නිම කිරීමට කොපමණ කාලයක් ගත වේද?
හිමිකම්පෑමක සැකසීම් කටයුතු නිම කිරීම සඳහා සාමාන්‍යයෙන් සති 3ක කාලයක් ගත වේ, එසේවුවද සමහර හිමිකම්පෑම් සඳහා ඊට වඩා වැඩි කාලයක් ගත විය හැකිය, නිදසුනක් ලෙස, ඔබ විශ්‍රාම යන්නේ නම් හෝ කර්මාන්තයෙන් ස්ථිරවම ඉවත් වන්නේ නම්.
ඔබ විසින් අප වෙත සපයා ඇති ආධාරක ලේඛනද සමගින්, අප ඔබගේ වැඩ ඉතිහාසය පරීක්ෂා කරන්නෙමු. ඔබගෙන් හෝ ඔබගේ සේවා යෝජකයාගෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා වඩා වැඩි කාලයක් ගත වනු ඇත.
ඔබගේ හිමිකම්පෑම් පිළිබඳ යාවත්කාලීනයන්
ගෙවීම් දිනය නියම කරනු ලැබූ පසුව සේවක ප්‍රවේශ ද්වාරය තුළ ඔබේ හිමිකම්පෑම් පිළිබඳ තත්ත්වය දැකගත හැකි වනු ඇත.
ගෙවීම සකස් කරනු ලැබූ විට ඔබට අධිකාරිය වෙතින් තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් සහ ප්‍රකාශයක් ලැබෙනු ඇත.
ඔබේ හිමිකම්පෑම හා අදාළ එක් එක් පියවර ඉදිරියට යන විට ඔබේ සේවායෝජකයාහටද ඊමේල් යාවත්කාලීන ලැබෙනු ඇත.
ඔබේ හිමිකම්පෑම හා අදාළ සාරාංශයක් සහ තත්ත්ව වාර්තාවක් 'හිමිකම්පෑම්' ('Claims') ටැබය තුළ දැක ගත හැකිය.
ඔබ විසින් ලබා ගෙන ඇති නිවාඩු පිළිබිඹු වන පරිදි ඔබේ ගිණුම් ශේෂය යාවත්කාලීන කෙරෙනු ඇති අතර ඔබට ඉතිරිව ඇති නිවාඩු ගණන පෙන්නුම් කෙරෙනු ඇත.
හිමිකම්පෑමක් සිදුකිරීම සඳහා වැඩිදුර සහාය සඳහා, කරුණාකර අප අමතන්න:
දුරකථනය: 1800 517 158(opens in a new window)
ඊමේල්: claims@plsa.vic.gov.au(opens in a new window)
වැඩකරන පැය ගණන්: සතියේ දිනවල පෙ.ව. 9 සිට ප.ව. 5 දක්වා, ප්‍රසිද්ධ නිවාඩු දින හැර.
ඔබට පරිවර්තකයෙකු අවශ්‍යද?
ඉංග්‍රීසි ඔබේ මව් භාෂාව නොවේ නම්, පරිවර්තන සේවාවක සහාය ඇතිව අපගේ කාර්ය මණ්ඩලයට ඔබ සමඟ කතා කළ හැකිය. මෙය නොමිලේ සපයන සේවාවකි.
1800 517 158 යන අංකයට නොමිලේ අමතන්න.
වැඩිදුර තොරතුරු
Missing service
What to do if you believe your hours have been incorrectly reported by your employer.
ඔබේ සේවක හඳුනා ගැනීමේ අංකය (Your Worker ID) - සිංහල (Sinhalese)
පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්රතිලාභ යෝජනාක්‍රමය සඳහා වන ඔබට අනන්‍ය හඳුනා ගැනීමේ අංකය.
How to claim guide: Contract cleaning and security workers
A step-by-step guide for workers to assist in claiming their portable long service leave benefit.
Updated


